ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණය නියාමනය කිරීම පිණිස අදාළ දෙපාර්තමේන්තු / ආයතන විසින් සාමූහික ප්‍රවේශයක් උපයෝගී කර ගත යුතුවේ. එබැවින් ජාතික, දිස්ත්‍රික්ක, කොට්ඨාශ සහ ගම් මට්ටම් වැනි වෙනස් මට්ටම්වලදි ඉඩම් පරිහරණ සැලසුම් කමිටු ස්ථාපිත කළ යුතු වේ.
ඉ.ප.ප්‍ර.සැ. දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන මාර්ගෝපදේශ අනුව දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ කමිටු ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් ලේකම්වරයා/දිසාපති මෙම කමිටුවේ සභාපතිත්වය දරන අතර දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරියා එහි ලේකම් ලෙස කටයුතු කරයි. කමිටුව අවම වශෙයන් මාස තුනකට වරක්වත් රැස්විය යුතුය. කෙසේ වෙතත්, අවශ්‍ය විටදී දිසාපතිවරයාට අතිරේක කමිටු රැස්වීම් කැඳවිය හැකිය.
ඉතා තීරණාත්මක කරුණක් පිලිබඳව කමිටුවට තීරණක් ගැනීමට සිදුවන අවස්ථාවන්හිදී එම කරුණ පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකිරිම පිණිස අදාළ සාමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටු පත්කිරිමට දිසාපතිවරයාට හැකිය.
- දිස්ත්‍රික්කයේ ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම් පැවතීම හදුනාගැනීම සහ ඒ පිළිබඳ වාර්තා කිරීම.
- ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ ක්ෂේත්රයේ සංවර්ධන ක්‍රියාකාරකම්වල ප්‍රමුඛතා නිර්ණය කිරීම.
- නාගරික සහ ග්‍රාමීය අංශවල අනාගත සංවර්ධනය සඳහා ක්ෂේත්‍ර හඳුනාගැනීම.
- ඉඩම් හඳුනාගැනීම සහ දිස්ත්‍රික්කයේ විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ඒවා නිදහස්කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම.
- දිස්ත්‍රික් මට්ටමින් පවතින ප්‍රධාන ඉඩම් පරිහරණ ගැටළු පිළිබඳ තොරතරු ජාතික මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ කමිටුවට වාර්තා කිරීම.
- කොට්ඨාශ සහ ගම් මට්ටමේදී ඉඩම් පරිහරණ සැලසුම්කිරීම සදහා අවශ්‍ය අදහස් ලබාදීම.
- ඉඩම් පරිහරණ සැලසුම් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමේදි ඉඩම් පරිහරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම.
- ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම.
- විවිධ ආයතනවල ඉඩම් පරිහරණ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම.
- කොට්ඨාශ ඉඩම් පරිහරණ සැලසුම් පිළිබද නිර්දේශ සාකච්ඡා කොට අවසන් තීරණ ගැනීම.
- දිස්ත්‍රික් ලේකම්/දිසාපති (සභාපති)
- ප්‍රාදේශීය ලේකම්වරු.
- ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ නිලධාරීන්. (ලේකම්)
- පළාත් ඉඩම් කොමසාරිස්. / සහකාර කොමසාරිස්.
- නියෝජ්‍ය අධ්යක්ෂ. (කෘෂිකර්ම ව්‍යාප්ති)
- දිස්ත්‍රික් වන නිලධාරී.
- මිනින්දෝරු අධිකාරි.
- සහකාර කොමසාරිස්-ගොවිජන සේවා.
- වාරිමාර්ග නියෝජ්‍ය අධ්යක්ෂ.
- සහකාර පළාත් පාලන කොමසාරිස්.
- අපනයන භෝග සහකාර අධ්යක්ෂ.
- කළමනාකරු, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය.
- නියොජ්‍ය අධ්යක්ෂ, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව.
- ප්‍රාදේශීය කළමනාකරු, පොල් වගාකිරීමේ මණ්ඩලය.
- සහකාර අධ්යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය.
අවශ්‍ය අවස්ථාවන්හිදී අනෙකුත් දෙපාර්තමේන්තු/ආයතනවලින් අතිරේක සාමාජිකයන් නම් කිරිමට දිසාපතිට හැකියාව තිබේ. 2014 වසරේ ඉලක්කය වූයේ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ කමිටු 68 ක් ස්ථාපිත කිරීම වන අතර ඉන් කමිටු 59 ක් පිහිටුවන ලදී. සෑම කමිටු රැස්වීමක් සඳහාම රු. 3000 ක් වෙන් කරනු ලැබේ.
කොට්ඨාශ මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ කමිටු
එක් එක් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ කමිටුවේ මගපෙන්වීම මත කොට්ඨාශ මට්ටමේ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ කමිටු ක්‍රියාත්මක වේ. කොට්ඨාශ මට්ටමේ කමිටුවේ සම්බන්ධීකරණයෙන් යුතුව කොට්ඨාශයේ ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ ක්‍රියාකාරකම් සිදුකරනු ලැබේ. අදාළ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කමිටුවේ සභාපතිත්වය දරන අතර කමිටුවේ ලේකම් සහ සම්බන්ධීකරණ කටයුතු ඉඩම් පරිහරණ සැලසුම් සහකාර ඉටු කරයි.
- කොට්ඨාශ මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීමට සහ ක්‍රියාවට නැංවීමේ ක්‍රියාදාමයට සහාය වීම.
- ඉඩම් පරිහරණයේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීම.
- ඉඩම් පරිහරණ ගැටළු හඳුනාගැනීම, නිර්දේශ ඉදිරිපත්කිරීම සහ අවශ්‍යනම් ඒවා දිස්ත්‍රික් කමිටුවට ඉදිරිපත් කිරීම.
- කෙටි කාලීන සහ දිගු කාලීන පදනමකින් ඉඩම් පරිහරණ සැලසුම්කරණ නිර්දේශ මත පදනම්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම. මෙම සැලසුම කොට්ඨාශ මට්ටමේ වාර්ෂික සැලසුමට ඇතුලත් කළ යුතුය.
- අවශ්‍ය විටදී ජාතික සහ දිස්ත්‍රික් මට්ටමේ කමිටුවලට නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ඉඩම් පැවරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ඉඩම් පවරාගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ගම් මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම්කරණ කමිටුවලට මාර්ගෝපදේශ සහ මගපෙන්වීම සැපයීම.
- අනාගත සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා කොට්ඨාශයේ ඉඩම් හඳුනාගැනීම.
- ඉඩම් යෝග්‍යතාවය මත පදනම්ව විවිධ කාර්යයන් සඳහා ඉඩම් වෙන්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- කොට්ඨාශ මට්ටමින් ඉඩම් දත්ත පද්ධති ස්ථාපිත කිරීම සහ දිස්ත්‍රික් දත්ත පද්ධති සමග සම්බන්ධ කිරීම.
- ප්‍රාදේශීය ලේකම්. (සභාපති)
- ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ සහායක. (ලේකම්)
- ඉඩම් නිලධාරි / ජනාවාස නිලධාරී.
- කෘෂිකර්ම උපදේශක.
- ප්‍රාදේශීය ලේකම් නිලධාරී - ගොවිජන සේවා.
- අඩවි වන නිලධාරි.
- සහකාර මිනින්දෝරු අධිකාරි.
- ව්‍යාප්ති නිලධාරි. (තේ/පොල්/රබර්)
- පශු සම්පත් සංවර්ධන නිලධාරි.
- පරිසර නිලධාරි.
- ගොවි සංවිධාන නියෝජිතයන්.
- වැවිලි අංශයේ නියෝජිතයන්.
- අදාළ රා.නො.ස. හි නියෝජිතයන්.
සෑම කමිටු රැස්වීමකට ආහාරපාන සඳහා රු. 1500/= ක් වෙන් කරනු ලැබීය. ඇතැම් දිස්ත්‍රික්කවල මෙම රැස්වීම් කොට්ඨාශ කෘෂිකාර්මික කමිටු රැස්වීම් සමග පවත්වනු ලැබීය. එබැවින් වෙන් කළ මුළු මුදලම උපයෝගී කරගනු නොලැබීය.