උ.පා.ප්‍ර. කොමිෂන් සභාවේ නිර්දේශ මත ඉඩම් පරිහරණ සැලසුම් පිළියෙල කිරීම.
උගත් පාඩම් සහ ප්රතිසන්ධාන කොමිෂන් සභාව ලබාදි ඇති නිර්දේශ (9.152 ඡේදය) පාදකව, ජාතික සහ දිස්ත්‍රික් මට්ටමේ විශේෂඥ කණ්ඩායම් පත්කිරීම මගින් උතුරු සහ නැගෙනහිර දිස්ත්‍රික්ක සදහා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් සකස්කිරීම. සැලසුම් සකස්කිරීමේ ක්‍රියාදාමය 2013 සහ 2014 වසර තුළ සිදුකළ අතර 2015 වසරේදී ද අඛණ්ඩව සිදුවෙයි.
ඉඩම් සංරක්ෂණයේදී සහ ඉඩම් පැවරීමේදී පාරිසරික ආරක්ෂාව සහ ජෛව විවිධත්වය, තිරසාර ආර්ථික සංවර්ධනය, විවේකය සහ විනෝදාස්වාද ප්‍රමිති සහතික කිරීම සඳහා සහ වත්මන් සහ අනාගත පරම්පරාවන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණුකිරීමේ අදහස ඇතිව ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු භූමි සංරක්ෂණය පිණිස ඉඩම් සංරක්ෂණයේදී දිස්ත්‍රික් පරිපාලනයට මග පෙන්වීමේ අරමුණ ඇතිව දිස්ත්‍රික්ක 08 ක් සඳහා ඉඩම් පරිහරණ සැලසුම් සකස් කරමින් පවතී.
තාක්ෂණික සහාය සහ නිර්දේශ ලබාගැනිම පිණිස ජාතික සහ දිස්ත්‍රික් විශේෂඥ කණ්ඩායම් පත්කර තිබේ.