ඌණ පරිහරණයක් සහිත ඉඩම් ප්‍රශස්ථ පරිහරණයක් කරා ගෙන ඒමේ ප්රයත්නය
ශ්‍රී ලංකාවේ භූමී සම්පත ප්රශස්ත ලෙස භාවිතා කිරිම අරමුණුකර ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැළසුම් දෙපාර්තමේන්තුව විසින් ලංකාව පුරාම විවිධ මට්ටම්වලින් ඉඩම් පරිහරණ සැළසුම් සකස් කිරිමත් ඒවා ක්‍රියාත්මක කිරිම සඳහා මඟ පෙන්වීමත් සිදු කරනු ලැබේ. මෙයට අමතරව ඉඩම් පරිහරණය සම්බන්ධයෙන්වූ දත්ත හා තොරතුරු සම්පාදනයද මෙම දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්යට ඇතලත්වන අතර මේ යටතේ ජාතික ඉඩම් පරිහරණ සමීක්ෂණය මෙම වසර තුල අවසන්කර ඇත. ඉඩම් පරිහරණය යාවත්කාලීන කිරිමේදී විශේෂයෙන්ම ඌණ භාවිත ඉඩම් හඳුනා ගැනීමත් ඒ සඳහා බලපානු ලැබූ හේතු පිළිබඳවත් දත්ත හා තොරතුරු රැස්කරන ලදී. එහිදී හඳුනා ගන්නා ලද දත්ත සලකා බැලීමේදී මාතර දිස්ත්‍රික්කය තුල ඌණ භාවිත ඉඩම් පිලිබඳ දත්ත හා තොරතුරු රුස්කිරිම පහත සදහන් නිර්නායක ඔස්සේ සිදු කරන ලදී. ඒ අනුව මෙම ඉඩම් හඳුනා ගැනීම සඳහා ප්‍රධාන සාධක තුනක් පදනම්කර ගනු ලැබීය. එම සාධක වශයෙන්
1.අඩු බෝග ඝනත්වයක් සහිත ඉඩම්
2.අඩු බෝග අස්වැන්නක් සහිත ඉඩම්
3.එක දිගටම වගා නොකරනු ලබන ඉඩම් හෝ ඉඩමේ එක් කොටසක් පමණක් වගා කරනු ලබන ඉඩම් වශයෙනි.
අඩු බෝග ඝනත්වයකින් යුත් ඉඩම් හඳුනා ගැනීමේදී අදාළ බෝග වර්ගය අනුව ඝනත්වය තීරණය කරන ලදී. උදාහරණ වශයෙන් තේ වගාව සහිත භුමියක අක්කරයකට තිබිය යුතු ගස් ප්‍රමාණය 4500 ක් වන බැවින් ඊට අඩු බෝග ඝනත්වයක් සහිත ඉඩම් ඌණ පරිහරණයක් සහිත ඉඩම් වශයෙන් හඳුනා ගනු ලැබීය.
අඩු බෝග අස්වැන්නක් සහිත ඉඩම් යටතේ අදාළ ඉඩම් තුල අස්වැන්න පිළිබඳව ගොවි මහතාගෙන් ලබා ගැනීමෙන් අනතුරුව හා එම ඉඩම පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂා කිරිමෙන් අනතුරුව තීරණය කරන ලදී. මෙහිදී අදාළ බෝගයට සාමාන්‍යයෙන් කන්නයට හෝ වාර්ෂිකව අක්කර 01 ට ලබා ගන්නා ලද අස්වැන්න පිළිබඳව අධ්‍යයනය කිරිමෙන් අනතුරුව එම ඉඩම් ඌණ පරිහරණයක් සහිත ඉඩම් වශයෙන් තීරණය කරන ලදී.
එක දිගටම වගා නොකරනු ලබන හෝ ඉඩමේ කොටසක් පමණක් වගාකරනු ලබන ඉඩම් යටතේ එක කන්නයක් පමනක් වගා කරනු ලබන ඉඩම් හා යායේ එක කොටසක් පමනක් වගාකර ඉදිරි කන්නයේදී වෙනත් කොටසක් පමණක් වගාකරනු ලබන ඉඩම් ඌණ පරිහරණයක් සහිත ඉඩම් වශයෙන් හඳුනා ගනු ලැබීය. මීට අමතරව ගොඩ ඉඩම්වලද කන්න වශයෙන් වගාකරන ලද ඉඩම්ද, ඉඩමේ කොටසක් පමනක් වගාකරනු ලබන ඉඩම්ද මේ ඝනයට ඇතුලත්කරන ලදී.
තවද මෙම ඌණ පරිහරණ ඉඩම් හඳුනා ගැනිමේදී ඌණ පරිහරණ තත්වයක් ඇතිවීමට බලපාන ලද හේතුද ද භෞතික, සමාජ ආර්ථික හා වෙනත් යටතේ හඳුනා ගනු ලැබීය.
ඉහත සමීක්ෂණයෙන් ලබා ගන්නා ලද දත්ත හා තොරතුරුවලට අනුව මාතර දිස්ත්‍රික්කයේ ඌණ පරිහරණ තත්වයේ පවතින ඉඩම් පිළිබඳ දත්ත පහත සඳහන් පරිදි වෙන්කර දැක්විය හැකිය.
(1.1 වගුව) ප්‍රධාන සාධක අනුව ඌණ භාවිත ඉඩම් ප්‍රමාණය
අනු අංකයය |
පවත්නා තත්වය |
හෙක්ටයාර් ප්‍රමාණය |
01 |
අඩු බෝග ඝනත්වයකින් යුත් ඉඩම් |
990 |
02 |
අඩු බෝග අස්වැන්නක් සහිත ඉඩම් |
52 |
03 |
දීර්ඝකාලීනව වඟා නොකරනු ලබන ඉඩම් හෝ කොටසක් පමනක් වගා කරනු ලබන ඉඩම් |
28 |
එකතුව |
1070 |
(1.2 වගුව) ඌණ පරිහරණතත්වයක්ඇතිවීමටබලපානලදහේතුසහ ඉඩම් ප්‍රමාණය
බලපානු ලැබූ සාධක |
හේතුව |
හෙක්ටයාර් ප්‍රමාණය |
භෞතික සාධක |
අධික බෑවුම |
20 |
ජලය ලබා ගැනීමේ අපහසුතා |
05 |
|
ගල් සහිතබව |
10 |
|
සමාජ ආර්ථික සාධක |
ප්‍රාග්ධන හිඟය |
197 |
ශ්‍රම හිඟය |
336 |
|
තාක්ෂණික ගැටළු |
299 |
|
ඉඩම් පරිහරණය පිළිබඳ දැනුම මඳ බව |
74 |
|
අයිතිය හා භුක්තිය පිළිබඳ ගැටළු |
38 |
|
වෙනත් සාධක |
වන සත්ව උවදුර හා වෙනත් සාධක |
91 |
එකතුව |
1070 |
මෙලෙස හඳුනාගත් ඉඩම්වල අයිතිය පිළිබඳ සළකා බැලීමේදී රජය සතු, ඉඩම් ප්‍රතිසංසකරණ කොමිසන් සභාව සතු වෙනත් රාජ්‍ය ආයතන සතු, ආගමික ස්ථාන සතු හා පෞද්ගලික වශයෙන් විවිධ ඛාණ්ඩ යටතේ හඳුනා ගනු බැලීය.
මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර තුල හා මෙම වසර තුල ක්‍රියාත්මක කරනු ලබන සරුසාර මාතොට වැඩසටහන යටතේ මෙලෙස හඳුනාගත් ඌණ පරිහරනයක් සහිත ඉඩම් සංවර්ධනය කිරිම දැනටමත් ආරම්භකර ඇති අතර එහිදී සමූහ ගොවිපල 55 ක් මෙම ඉඩම්තුල ක්‍රියාත්මක කිරිම ආරම්භ කර ඇත.
ඒ අනුව සළකා බැළීමේදී ජාතික ඉඩම් පරිහරණ සමීක්ෂණය තුලින් මාතර දිස්ත්‍රික්කයතුල හඳුනා ගන්නාලද ඌණ පරිහරණ ඉඩම් ප්‍රශස්ථ පරිහරණයකට ගෙන ඒමේ කර්තව්‍ය දැනටමත් ආරම්භ කර ඇති අතර එසේ හඳුනාගත් අනෙකුත් ඉඩම් සංවර්ධනය කිරිම විවිධ සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඉදිරියටත් සිදු කිරිමටත් අපේක්ෂිතය.
සරුසාර මාතොට වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලැබු ඌණ භාවිත ඉඩම්