නටුවකැලේ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය
මහනුවර දිස්ත්‍රීක්කය- වීරපිටිය ග්‍රාම නිලධාරී වසම
ගම නැංවිම තුලින් රට සංවර්ධන කිරිම “සෞභාග්‍යයේ දැක්ම”ප්‍රතිපත්ති ප්‍රකාශන අර්ථ ගැන්විම යථාර්තයක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් මේ වැනි දිළිදු ගම්මානයන් තරුණ ශක්තිය එකතු කිරිමෙන් පුබුදුවාලිම යුගයේ අවශ්‍යතාවයකි. දැනටමත් පවතින භුමි සම්පත් තිරසර අන්දමින් කළමනාකරණය කිරිමට හැකිවිම රටේ තිරසර ආර්ථික ඉලක්කයන් ඉටුකර ගැනිමට පිටුබලයක් ලැබෙනු ඇත.ඒ අරමුණු පෙරදැරි කරගනිමින් ඉඩම් කළමනාකරණ කටයුතු,රාජ්යව්යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දායකත්වය ඇතිව ඉඩම් පරිහරණප්රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු මගින් මෙම නටුවාකැලේ ආදර්ශ ගම්මානයක් බවට පත් කිරීමේ ක්‍රියාත්මක වැඩසටහන් සකස් කරනු ලැබේ.ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපර්තුමේන්තුව විසින් 2019 වර්ෂයේ නටුවාකැලේ ගම්මානය සඳහා ග්‍රාමීය ඉඩම් පරිහරණ සැලසුමක් සකස් කරන ලද අතර එම සැලැස්ම මෙම ව්‍යාපෘතියේ මුලික පදනම කොට මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව 2021.02.05 ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමිය ඇතුළුනිලධාරි මඩුල්ල සැවොම නටුවකැලේ ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කරන ලදි.වේරපිටිය ග්‍රාම නිලදාරි වසමට අදාල සියළු රාජ්‍ය නිලධාරීන් හා ගමේ ප්‍රතිලාභීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡාව අධ්යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ප්‍රතිලාභීන් සමග ගැටළු සාකච්ඡා කිරීමේ දී හදුනාගත් ප්රමුඛ ගැටළු පහත පරිදි වේ.
1.මූලික ගැටළුව වනුයේ ඉඩම් හිමියන් අනවසර පදිංචිය මත(ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් )සිටින බැවින් ප්‍රධාන ලෙසම ඉඩම් අයිතිය පිළිබද ගැටළු විසදීම.(ඉඩමේ අයිතිය ලබා දීම)
2.ප්‍රදේශවාසීන් දෛනික ජල අවශ්‍යතා සපුරා ගනුයේ උල්පත් ,නල ජලය, ඇල මාර්ග තුළින් බැවින් මෙම කලාපයේ පවතින ජල මූලාශ්‍ර වලට අහිතකර බලපෑම් වලක්වා ලීම සදහා ප්‍රදේශයේ පදිංචිකරුවන් සදහා වැසිකිළි පහසුකම් ලබා දීම .
3.මෙම යෝජිත ව්‍යාපෘති ප්‍රදේශයේ සියළු ඉඩම් බෑවුම් සහිත බැවින් පාංශු සංරක්ෂණ කටයුතු මූලිකව සිදු කළ යුතුව ඇත .
4.ප්‍රදේශයේ පවත්නා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම
4.ප්‍රදේශයේ වන ආවරණය ඉහළ නැංවීම සදහාත්,ගැමි ආර්ථිකය ඉහළ නැංවීම සහ ගෙවත්ත වැඩි දියුණු කිරීම සදහා අපනයන බෝග වගාව(තේ,පොල්,කුරුදු,ගම්මිරිස්, පුවක් ,කිතුල් සහ මී මැසි පාලනය)) වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම.
5.ප්‍රදේශයේ රැකියා විරහිත තරැණ තරුණයින් සදහා තරුණ ව්‍යවසාය කමිටු පිහිටුවීම(මේසන් වැඩ, වඩු කාර්මික,මැහුම් ශිල්පිනියන්,ස්වයං රැකියාවල නිරතවූවන් වෙළදපළ නිර්මාණය කිරීම සහ රැකියා අවස්ථා ඇති කිරීම)
6.බහු කාර්ය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා පොදු ගොඩනැගිල්ලක් ඉදි කිරීම
7. සත්ත්ව පාලනය කටයුතු වැඩි දියුණු කිරීම.
8. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ඇතුළු සමාජ ගැටළු සදහා විසදුම් ලබාදිම ඇතුළු ගැටළු සදහා අවධානය යොමු කරමින් සාකච්ඡාව සිදු කරන ලදි.
නටුවකැලේ පිහිටිම දැක්වෙන සිතියම