ක්‍රියාකාරකම්
- ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියේ අරමුණු සපුරා ගැනීම පිණිස වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම.
- කලින් කලට මතුවන ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ක්‍රියාකාරී සැලසුම් සලකා බැලීම සහ ප්‍රතිශෝධනය.
- ඉඩම් විෂය බාර අමාත්‍යවරයාගේ මගපෙන්වීම අනුව මධ්‍යම සහ දිගුකාලින උපායමාර්ගික ක්‍රියාකාරි සැලසුම් වර්ධනය කිරීම සහ සම්පාදනය කිරීම.
- ඉඩම් පරිහරණ සැලසුම් සකස්කිරීම පිළිබඳව ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයට තාක්ෂණික මගපෙන්වීම සැපයීම.
- සංවර්ධන ක්‍රියාකාරකම්වලට අදාළ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් අනුමතකිරීම.
- සැලසුම් ක්‍රියාත්මකකිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ සකස්කිරීම සහ ප්‍රචාරණය.
- සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා අරමුදල් වෙන්කිරීම.
- දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන සංවර්ධන ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ඇගයීම.