- දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාල මට්ටමින් එකතු කරනු ලබන භාවිතා නොකළ ඉඩම් සහ ඌණ පරිහරණ ඉඩම් තොරතුරුද ඇතුලත් සියලු අවකාශීය දත්ත මධ්‍යගතව සකස් කර යාවත්කාලින ඉඩම් පරිහරණ තොරතුරු පද්ධතියට ඇතුලත් කිරීම දෙපාර්තමේන්තුවේ භූගෝල විද්‍යා තොරතුරු පද්ධති අංශය මගින් සිදු කරනු ලැබේ.
- භූගෝල විද්‍යා තොරතුරු පද්ධති භාවිතා කර අවකාශීය දත්ත යොදා ගැනීම පිලිබඳ අවශ්‍ය තාක්ෂණික උපදෙස් දිස්ත්‍රික් කාර්යමණ්ඩලය වෙත ලබා දීමද මෙම අංශය මගින් ඉටු කෙරේ.
- ඉඩම් පරිහරණ සිතියම් යාවත්කාලින කිරීම පහසු කරනු සඳහා අවශ්‍යකරන මුලික සිතියම් දිස්ත්‍රික්ක වෙත ලබා දීමද සිදු කෙරේ.
- අවශ්‍ය අවස්ථාවන්හිදී භූගෝල විද්‍යා තොරතුරු පද්ධති වලට අදාළ මෘදුකාංග පිලිබඳ පුහුණු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කාර්ය මණ්ඩල ධාරිතා වර්ධනය සඳහා සංවිධානය කිරීමද මෙම අංශයේ කාර්යයකි.