ගම් මට්ටමේ ඉඩම් පරිහරණ ආදර්ශන ක්‍රියාත්මක කිරීම
ග්‍රාම නිලධාරි කොට්ඨාශවල පවතින ඉඩම් ගැටළු සංඛ්‍යාව අනුව ගම් මට්ටමේ ඉඩම් පරිහරණ ආදර්ශන ක්‍රියාත්මක කිරීම ක්‍රියාවට නැංවීම පිණිස ගම්මානයක්/ගම්මාන තෝරාගෙන තිබේ. ගම්මානයක් තෝරාගැනීම සඳහා වන ඉහත සඳහන් නිර්ණායකයට අමතරව, සැලසුම් ක්‍රියාදාමයේදී ගමේ සිටින ඉඩම් පරිහරණය කරන්නන් දක්වන සක්‍රීය සහභාගිත්වය ද සැලකිල්ලට ගන ලැබේ. මෙම පරිපාටිය ආරම්භ වනුයේ අදාළ දත්ත රැස්කිරීම සහ ගම සඳහා ව්‍යාපෘති යෝජනාවක් සකස් කිරීමෙනි. යෝජනාව සකස් කරනු ලබනුයේ කොට්ඨාශයේ ඉඩම් පරිහරණ සැලසුම්කිරීමේ සහායක වන අතර එය දිස්ත්‍රික් කාර්යාලය හරහා ප්‍රධාන කාර්යාලයට ඉදරිපත් කරනු ලබයි. අනුමතිය ලබාගැනීමෙන් පසුව දිස්ත්‍රික් කාර්යාලයේ සුපරීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
බිම් කට්ටි මට්ටමේ ඉඩම් පරිහරණ සැලසුම් ආදර්ශන ස්ථාපිත කිරීම
මෙම වැඩසටහන පාසල් ළමුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව ප්‍රජාව කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරන බැවින් අනෙකුත් වැඩසටහන් අතර මෙය වඩා ජනප්‍රිය වේ. මෙම වැඩසටහනේ අරමුණ වනුයේ කුඩා බිම් කට්ටි කාර්යක්ෂම සහ ඵලදායී අන්දමින් පරිහරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රජාව දැනුවත් කොට ඒ සඳහා කුසලතා සහ දැනුම ලබාදීමයි. සාමාන්‍යයෙන් පාසල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, කොට්ඨාශ ලේකම් කාර්යාලවල පවතින සීමිත ඉඩම් කොටස් මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබේ. කෘෂිකාර්මික ක්‍රියාකාරකම් කෙරෙහි වත්මනෙහි පවතින නැඹුරුව මෙම වැඩසටහනට සහභාගිවීමට ජනතාව දිරිගන්වා තිබේ. එසේම එමගින් වස විසෙන් තොර එළවළු ලබා ගැනීමට ද හැකිවී තිබේ. මෙම එක් එක් වැඩසටහනට රු. 50,000 බැගින් වෙන්කරනු ලැබීය.