අපේ දැක්ම
ශ්‍රී ලංකාවේ භූමි සම්පත් ප්රශස්ත සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීම.
අපේ මෙහෙවර
පාරිසරික සමතුලිතතාවය සහ තිරසරභාවය පවත්වා ගනිමින් ඉඩම් සම්පත් ප්රශස්ත ලෙස උපයෝගී කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීම.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමට සහායවීම පිණිස සහ ඉඩම් තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම පිණිස හා ඉඩම් පරිහරණය සහ සංවර්ධනය පිණිස වූ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවට උපදෙස් දීමේ අරමුණින් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව 1983 වසරේදී ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ යටතේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ අංශය ලෙස පළමුව ස්ථාපිත කරනු ලැබීය. 1988 වසරේදී දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන් බඳවාගැනීමත් සමගින් මෙම අංශයේ ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ ක්‍රියාකාරකම් දිස්ත්‍රික්ක මට්ටම දක්වා ව්‍යාප්ත කරනු ලැබූ අතර 2005 වසරේදී සහකාර ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන් පත්කිරීමෙන් අනතුරුව එම කටයුතු තවදුරටත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටම දක්වා ව්‍යාප්ත කරන ලදී. 2010 වසරේදී, මෙම අංශය දෙපාර්තමේන්තුවක තත්වය දක්වා උසස් කර අතිරේක වගකිම් පවරන ලදී. වර්තමානයේදී දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
සියළුම දිස්ත්‍රික්කයන්හි කටයුතු සඳහා මග පෙන්වීමත් ඒවා සම්බන්ධීකරණය කිරීමත් අධ්යක්ෂ ජනරාල් විසින් සිදු කරනු ලබන අතර, ඒ සඳහා ප්‍රධාන කාර්යාල මට්ටමේදී අධ්යක්ෂ (ඉ.ප.සැ.) සහ විවිධ විෂයන් යටතේ පත් කර ඇති සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සහාය ලබාදේ.
ඉඩම් පරිහරණ දත්ත විශ්ලේෂණය සදහා සියලු පහසුකම්වලින් සමන්විත පරිගණක ඒකකයක් සහ ඉඩම් පරිහරණ සිතියම් පිළියෙල කිරීම සඳහා භූ.තො.පද්ධති ඒකකයක් දෙපාර්තමේන්තුව සතුවේ.