ඉඩම් අයිතිය සහ භුක්තිය පිළිබඳ සමීක්ෂණය-නියමු ව්‍යාපෘතිය
හම්බන්තොට දිස්ත්‍රික්කය-තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ඉඩම් අයිතිය සහ භුක්තිය යනුවෙන් අදහස් කරන්නේ එකම තේරුම ඇති වචන දෙකක් නොව අර්ථ නිරූපණ දෙකක් සහිත වුවකි.අයිතිය යනු යම් පුද්ගලයෙකුට නීත්‍යානුකූලව ලැබෙන හිමිකමකි.නමුත් භුක්තියේ දි අයිතියක් නොමැතිව වුව ද ඉඩම පරිහරණය කළ හැකි ය.එය ගිවිස ගන්නා ආකාරය අනුව වෙනස් වේ.ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය සහ භුක්තිය පිළිබඳ පවතින තොරතුරු ප්‍රමාණවත් නොවේ.මෙයට විවිධ හේතුන් බලපා ඇත. මෙය ඉඩම් වෙන් කිරීමේ සහ සැලසුම් කිරීමේ විවිධ අවස්ථා වලදී තීරණ ගැනීම කෙරෙහි දැඩි ලෙස බලපායි. මේ සම්බන්ධයෙන් දියත් කරන ලද ජාතික වැඩසටහන් රටේ සමස්ත භූගෝලීය ප්‍රදේශය මුළුමනින්ම ආමන්ත්‍රණය කර හෝ සම්පූර්ණයෙන් ආවරණය කර නොමැත. ඉහත දක්වා ඇති පරිදි නිශ්චිතව ඉඩම් අයිතිය සහ භුක්තිය පිළිබඳ දත්ත සහ තොරතුරු නොමැති විමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ගැටළු මතු වී ඇත.
එසේ මතුව ඇති ගැටළු සහ දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විස්තරාත්මක ඉඩම් හිමිකම් සමීක්ෂණයක් සිදු කිරිමේ අවශ්‍යතාවය මතු ව ඇත.කෙසේ වෙතත්, එහි සංකීර්ණත්වය සහ ක්ෂේත්‍ර මට්ටමින් පවතින පුළුල් පරාසයක වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, මෙම දෙපාර්තමේන්තුවේ 2021 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මෙහි එක් අංගයක් ලෙස ඉඩම් අයිතිය සහ භුක්තිය පිලිබද සමික්ෂණයක් නියමු ව්‍යාපෘති 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වු බැවින්,විවිධ දේශගුණික කලාප තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක් තෝරා ගෙන තිබු අතර,ඒ අනුව තෙත් කලාපයේ පිහිටි මහනුවර දිස්ත්‍රික්කයෙන් ද,අතරමැදි කලාපයේ පිහිටි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ,වියලි කලාපයේ පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බැගින් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා තෝරා ගෙන තිබිනි.