කුරුවිට වර්ණගල, ආරක්ෂිත කලාපයක් බවට ප්‍රකාශයට පත් කිරීම
සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩවිකන්ද ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි යෝජිත වර්ණගල ප්‍රදේශය සමනල ස්වභාවික වන ජීවී රක්ෂිතයෙහි ස්වාරක්ෂක කළාපය ලෙසින් පිහිටා ඇති නොඉඳුල් ස්වභාවික වනාන්තර කොටසකි.
උතුරින් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක වෙන් කෙරෙන දිස්ත්‍රික් මායිමෙන්ද, නැගෙනහිරින් හා දකුණින් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිමෙන්ද සමනල ස්වභාවික වන ජීවී රක්ෂිතයට මායිම් වන මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 450 – 1350 ත් අතර උසකින් පිහිටා ඇත.
හෙක්ටයාර් 500 ක් පමණ වන මෙම වර්ණගල ප්‍රදේශය ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යනයන්ට අනුව මෙම කලාපය ජෛව විවධත්වය අතින් ඉතා පොහොසත් කලාපයක් වශයෙන් හඳුනා ගෙන ඇති අතර වර්ණගල ප්‍රදේශයට පමණක් ආවේණික ශාක විශේෂ හා සත්ත්ව විශේෂ දක්නට ලැබේ.
2020 වර්ෂයේදී දෙහිවල, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය විසින් මෙම කලාපය ආශ්‍රිතව ජෛව විවිධත්ත්ව අධ්‍යනයක් සිදු කරන ලද අතර එම අධ්‍යන වාර්තාව මගින් සුවිශේෂි කරුණු රැසක් පෙන්වා දී ඇත. එහිදී සපුෂ්ප ශාක විශේෂ 384 ක් වාර්තා වී ඇති අතර, එහි සත්ත්ව විශේෂ 220 ක් හා ශාක විශේෂ 164 ක් ඇතුලත්ව තිබේ.
මෙම අගනා වන පෙත නෛතිකව සංරක්ෂිත හෝ රක්ෂිත ප්‍රදේශයක් ලෙසට නම් කර නොතිබීම හමුවේ ක්‍රමිකව විවිධ වූ තර්ජනයන්ට නතු වෙමින් පවතී. මේ නිසා මෙම කලාපය පරිසර ආරක්ෂක කලාපයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව මෙන්ම සමනල ස්වාභාවික වන ජීවී රක්ෂිතයට එක් කිරීමේ යෝජනාව ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව මේ වන විට ඉදිරි කටයුතු සිදු වෙමින් පවතී. මෙම කර්තව්‍යයෙහිදී කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් පරිහරණ සැලසුම් ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව යන සියළු ආයතන ඒකාබද්ධ මෙහෙවරක නියැලෙමින් සිටියි. යෝජිත පරිසර ආරක්ෂක කලාපය හඳුනා ගැනීම, , යෝජිත කලාපයේ පිහිටීම, භූමි පරිහරණය, ඉඩම් අයිතිය ඇතුළු සියළු තොරතුරු ඇතුලත් සිතියම් සැකසීම යනාදීය ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.