ශ්‍රී ලංකාවේ ඌන භාවිත ඉඩම් ප්‍රමාණයන් හා
ඒවායේ ස්වභාවයන් පිළිබඳ ජාතික සමීක්ෂණය
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවෙහි දැක්ම අනුව රටේ ඉඩම් සම්පත ප්‍රශස්ථ හා චිරස්ථායි ලෙස කළමනාකරණය කිරීම කළ යුතු අතර, සීමිත සම්පතක් වන ඉඩම් මානව අවශ්‍යතාවලට අනුව මනා ශික්ෂණයකින් යුතුව වඩාත් තාර්කිකව බෙදා වෙන් කළ යුතු ව ඇත. ඉඩම්වල ප්‍රශස්ථ භාවිතය හා කළමනාකරණ තත්ත්වයන් සැලකීමේ දී යම් ගැටලුකාරී ස්වභාවයන් නිරීක්ෂණය වේ. කෘෂි වගාව, පදිංචිය, කර්මාන්ත, සංචාරක කටයුතු මෙන් ම පාරිසරික සමතුලිතතාව වෙනුවෙන් ද ඉඩම් වෙන් කළ යුතු වන්නේ වඩාත් සැලසුම් සහගතව හා විද්‍යාත්මක ප්රවේශයන් ඔස්සේ වන අතර, ඒ සඳහා අවශ්‍ය වන මඟපෙන්වීම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් පවතින ගැටලු අතර, ඌන උපයෝජන තත්ත්වයේ ඉඩම් පැවතීම දැකිය හැකි ය. මනා කෘෂි කාර්මික ඉඩම්වල පවතින හිඟය, කෘෂි කාර්මික ඉඩම් වෙනත් භාවිතයන් කරා මාරු වීම, කෘෂි කාර්මික ඉඩම් හායනය වීම ආදී තත්ත්වයන් හමුවේ ඌන භාවිත ඉඩම් ප්‍රශස්ථ පරිහරණයන් කරා ගෙන ඒම කාලීන අවශ්‍යතාවකි. එමෙන් ම එවැනි ඌන උපයෝජන කෘෂි කාර්මික ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීම තුලින් රටේ ආහාර සුරක්ෂිතතාව ද සහතික වනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව පුරා පවතින ඌන භාවිත ඉඩම් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය මට්ටමින් රැස් කිරීම හා ඒවායේ පිහිටීම සිතියම්ගත කිරීම තුලින් ඌන භාවිත ඉඩම් පිළිබඳ අංකිත දත්ත පද්ධතියක් ස්ථාපිත කර පවත්වා ගෙන යමින් එම ඉඩම් ප්‍රශස්ථ පරිහරණයන් කරා ගෙන ඒමට කටයුතු කිරීම කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය වන තොරතුරු ඇතුළත් දත්ත පදධතියක් සථාපිත කිරීම හා ඉඩම් කළමනාකරණය සම්බන්ධ වෙනත් විවිධ පාර්ශවකාර ආයතන වෙත අදාළ තොරතුරු සපයා දෙමින් සැලසුම්කරණය ප්රමුඛ කාර්ය කරගත් දෙපාර්තමේන්තුවක් ලෙස රටේ ඉඩම් සම්පත මනා ලෙස කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා පදනමක් සපයා ගැනීම මෙම ඌන උපයෝජන ඉඩම් පිළිබඳ ජාතික මට්ටමේ අංකිත දත්ත පද්ධතිය ස්ථාපිත කිරීමේ මූලික පරමාර්ථය වේ.
දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය තුළ ගූගල් චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය, ඉඩම් පරිහරණය පිළිබඳ යවත්කාලීන අංකිත දත්ත භාවිතය හා ක්ෂේත්‍ර පරීක්ෂාවන් මෙන් ම ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ සහයෝගය හා ඔවුන් සතු තොරතුරු ද ප්‍රජාව විසින් ලබා දෙන තොරතුරු ද අන්තර්ගත වේ.
භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය භාවිතයෙන් ගොඩනැගෙන දත්ත පද්ධතිය තුළ හඳුනාගන්නා ඌන භාවිත ඉඩම්වල පහත තොරතුරු ඇතුළත් වේ.
- ඉඩම පිහිටි දිස්ත්‍රික්කය
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ග්‍රාම නිලධාරී කොට්ඨාසය
- ඌන භාවිත ඉඩමේ නම
- ඉඩමේ අයිතිය / භුක්තිය
- දැනට පවත්නා ඉඩම් පරිහරණය
- ඌන භාවිතයේ ස්වභාවය (මෙය අංශ කිහිපයක් ඔස්සේ හඳුනා ගනී)
- සම්පූර්ණයෙන් ම ඌන භාවිත ඉඩමකි
- කලාතුරකින් වගා කරන ඉඩමකි
- ඉඩමෙන් කොටසක් වගා කරයි
- අඩු බෝග ඝනත්වයකින් යුක්ත වේ
- අපේක්ෂිත මට්ටමට වඩා අඩු අස්වැන්නක් සහිත ඉඩමකි
- ඌන භාවිතය සඳහා ප්‍රධාන සාධකය ( කොටස් කිහිපයක් ඔස්සේ හඳුනා ගනී)
- තාක්ෂණික/ භෞතික සාධක
- සමාජ ආර්ථික සාධක
- භෞතික හා සමාජ ආර්ථික සාධක
- වෙනත් සාධක
- භෞතික හා වෙනත් සාධක
- සමාජ ආර්ථික හා වෙනත් සාධක
- භෞතික, සමාජ ආර්ථික හා වෙනත් සාධක
ඉහත එක් එක් සාධක යටතේ ඌන භාවිතය සඳහා හේතු (Reasons) හඳුනා ගනු ලබයි.
- තාක්ෂණික/ භෞතික සාධක
- ඉඩමේ බෑවුම
- භූමි හායනය
- ප්‍රමාණවත් ජල සැපයුමක් නොතිබීම
- දුර්වල ජලවහනය
- මතුපිට ගල්සහත බව
- ස්වභාවික උවදුරු
- සමාජ ආර්ථික සාධක
- ප්‍රාග්ධන හිඟය
- ශ්‍රම හිඟය
- ඉඩම් අයිතිය/ භුක්තිය පදනම් ගැටලු
- ඉඩම් කළමනාකරණ ක්‍රම පිළිබඳ දැනුම අඩු වීම
- ඉහළ නිෂ්පාදන වියදම
- ඉඩම සඳහා ප්‍රවේශ මාර්ග නොමැති වීම
- ඉඩම් කැබලි වීම
- හිමිකරුගේ පදිංචිය හා සම්බන්ධ ගැටලු
- වෙනත් සාධක
- වන සත්ත්ව උවදුරු
- ඉඩමේ පිහිටීම පිළිබඳ ඛණ්ඩාංක අගයන්
- ඉඩමේ ප්‍රමාණය (හෙක්ටයාර)
ඉහත සඳහන් ශීර්ෂ යටතේ භූගෝල විද්‍යාත්මක තොරතුරු පද්ධතිය භාවිතයෙන් විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපිත කෙරෙන අතර. එමගින් අදාළ තොරතුරු කට්ටි මට්ටමින්, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ලබා ගත හැකි වනු ඇත.
මෙම දත්ත පද්ධතිය භාවිතයෙන් දත්ත විමසුම් වගු(Data Query Tables) අවශ්‍යතාව අනුව සකස් කර ගැනීමට හැකි වනු ඇත. එවැනි විමසුම් වගු කිහිපයක් පහත දක්වා ඇත.
- දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ග්‍රාම නිලධාරී කොට්ඨාස අනුව ඌන භාවිත ඉඩම් ප්‍රමාණයන් (හෙක්ටයාර වලින්)
- ඉඩම් අයිතිය / භුක්තිය අනුව ඌන භාවිත ඉඩම් ප්‍රමාණයන්
- ඌන භාවිතයේ ස්වභාවය අනුව ඉඩම් ප්‍රමාණයන් (උදා- අඩු භෝග ඝණත්වය හේතුවෙන් ඌන උපයෝජනයට පත් ඉඩම් කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පවතී ද?)
- භෞතික සාධක හේතුවෙන් ඌන භාවිතයට පත් ඉඩම් ප්‍රමාණය ආදී වශයෙන්... විමසුම් වගු අදාළ දත්ත භාවිත කරනු ලබන ආයතනයේ අවශ්‍යතාව අනුව සකස් කර ගත හැකි වනු ඇත.
දත්ත පද්ධතිය සම්පූර්ණ වු පසු මෙවැනි විමසුම් වගු සඳහා අදාළ වන ප්‍රමාණාත්මක තොරතුරු ඉදිරිපත් කළ හැකි ය.
*****
ඩබ්ලිව්. ඒ. මනුක සම්පත්
සහකාර අධ්යක්ෂ (කෘෂි ආර්ථික විද්‍යා) රා. ආ.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව