ගල්ඔය ව්‍යාපාරයේ වත්මන් ඉඩම පරිහරණ ගැටළු
සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් තුලින් විසදුම් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කින් යුත් හෙක්.441500 වපසරියකින් යුත් ප්රදේශයකි. 1948 වර්ෂයේ නිදහසින් පසුව ආරම්භ කළ මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය සමඟ ගම්මාන 40ක් පමණ පිහිටුවා ඇත. ගල්ඔය ව්‍යාපාරයේ වම් ඇල හා දකුණු ඇල ඔස්සේ සේනානායක සමුද්‍රයෙන් කෘෂීකාර්මික බිම් සඳහා දියවර සපයන අතර ඒ ආශ්රිත ගොඩබිම් ප්‍රදේශවල ජනාවාස සඳහා ගම්මාන ස්ථාපිත කර ඇත. ජනපදිකයන් පදිංචි කිරීමේදී නිවාස සහ අනෙකුත් පහසුකම් සම්පාදනය කිරීමෙන් සංවර්ධන ව්‍යාපාරය සැලසුම් කර ඇත. එමෙන්ම දිනකට උක් ටොන් 2000ක් පමණ අඹරණු ලබන සීනි කර්මාන්ත ශාලාව වවලකඩේ දීඝවාපිය ප්‍රදේශයේත් ස්ථාපිත කර ඇත.ආසියාවේ ලොකුම සහල් සැලසුම් වවලකඩේ සහල්මෝල වර්ථමානය වන විට ක්‍රියාවිරහිතව පවතී.
ජන සංඛ්‍යා වර්ධනයත් මානව අවශ්‍යතාවල වර්ධනයත් නාගරීකරණයත් සමඟ භූමි පරිහරණ රටාව වෙනස්වීම්වලට භාජනය වී ඇත.ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය සැලසුම් කිරීමේදී කෘෂිකාර්මික බිම් හා ජනාවාස නිසිලෙස සැලසුම් කර තිබුණද වර්තමානය වන විට කෘෂිකාර්මික බිම් ජනාවාසකරණයට ලක් වී ඇත.කෘෂිකාර්මික බිම් ඇසුරු කර ගත් ජනාවාස සඳහාද විදුලිය, ජලය වැනි යටිතල පහසුකම් ගැටලුවකින් තොරව ලබාදීම මෙම ගැටලුව තවදුරටත් තීව්ර කිරීමට හේතු වී ඇත. අනාගතයේ කෘෂිකාර්මික බිම්, විශේෂයෙන් වී වගා බිම් අඩු වීමට මේ තත්ත්වය බලපා ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී ඇතිවන අභියෝගයන් කළමණාකරණය සඳහා ආයතනිකමය වශයෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත.
ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය අම්පාර